සිතුවිලි සයුරේ නිර්මාණ ගැන ඔබෙ අදහස් දක්වන්න.පැමිනි ඔබට ස්තුතියි...නැවත එන්න →

2 _History of Sri Lankan poetry_ ලංකාවෙ අපේ කවිය_

කවිය..

(1) සාමාන්‍ය සිංහල අකුරු එනම්:- ක,ග,ච,ට,ස, ආදී අකුරක් ශබ්ධ වන්නේ මාත්‍රා 1ක් ලෙසය... 

හල් අකුරක් මාත්‍රා භාගයක් වන අතර ශබ්ද වන විට එයද මාත්‍රා 1කට ගනන් ගත හැකිය

ඇදෙන අකුරු එනම්..:- ආ,ටා.කූ,මූ,නී,ලී, ආදිය මාත්‍රා 2කි...

මු,පු,‍ටු,කු,වු ආදියද මාත්‍රා 1කි..

(2) විරිත් දැන ගැනීමට පෙර පද හතරම මාත්‍රා සමාන වන පරිදි කවි අර්ථයක් ඇතිව ගොඩ නැගිය යුතුය...

(3) එලඉ සමය එනම් පද හතරේ අන්ත අකුර සමාන වන පරිදි කවි ගොඩනැගීමට උත්සාහ කළ යුතුය....

(4) එලි වැට එනම් කවි පද වල ඕනෑම වචනයක මුල් අකුර සමාන කිරීම එලිසමය ‍රැකීමක් වෙයි..
නමුත් ප්‍රධාන වශයෙන් පලමු වචනයේ මුල් අකුරු සමාන වන ලෙස පද ගැලපීමෙන් එලිසමය ‍රැකිය හැක

(5) සාමාන්‍ය සිංහල අකුරක්.. එනම්:-ක,ග,ච,ට,ස, ආදී අකුරක් ලඝු එකක් ලෙස සලකයි..
ලඝු 2ක් ගුරු 1කි..
එනම්:- ආ,ටා.කූ,මූ,නී,ලී, ආදිය මාත්‍රා 2ක් හෙවත් ගුරු එකකි..
ලඝු 1=මාත්‍රා 1යි
ලඝු 2ක්=මාත්‍රා2=ගුරු 1කි(ගුරකි)

(6) කවියක පද වල මුල් පේලියේ මුල් වචනයේ මුල් අකුර ගුරු එකක් වූවොත් අනෙක් පද 3හිම මුල් වචනයේ මුල් අකුර ගුරු 1ක් වන පරිදි ලිවීමෙන් ගුරු බිඳීම වලකා ගත හැකි අතර කවියට සුගායනීය බවක් ගෙනදෙයි..
මුල් අකුර ලඝු 1ක් නම්ද් එසේම වෙයි...

* පසුව විරිත් ගැන හදාරා ඊට අදාල මත්‍රා ගනන් වලට කවි ගෙතීම සිදු කල හැක..

සමුද්‍රගොෂ විරිතෙහි මාත්‍රා පිලිවෙලින් පද 4හිම 18 බැගින් වෙයි..
සමහර කවියන් මාත්‍රා 17 සහ 19 බැගින්ද යොදයි..
මහ පියුම් විරිතෙහි මත්‍රා පිලිවෙලින්.. 9,11,9,14 වෙයි..
තවත් විරිත් රාශියක් ඇත..
 සමිපරදයික කවි බොහොමයක්  බිහි වුයේ මෙ අකෘතියට යටත්වය.
                 කොළඹ යුගයේ මුල් පරපුර සේම දෙවන පරපුරද මෙම විරිත් අනුගමනය කල අතර සැලකිය යුතු වෙනස්කමි ඔවුන් අතර විය. මෙම ලිපිය ඔස්සේ කාවය  අකෘතිය විශේෂයෙන් සැලකිල්ලට ගත් අතර එහිදි සුවිශේෂි පුද්ගලයන් පිලිබදවදසිහිපත් කිරිම සිදුව ඇත
                                 .ඒ කවින් අතර කොළඹ යුගයේ මුල් පරපුරට අයත් ආනන්ද රාජකරුනා,ටිබෙටි ජාතික එස් මහින්ද හිමි,ජී.එචි පෙර්‍රා,පියදාස සිරිසේන ආදි කවිහුද,
                                      ජි.බි අල්විස්,විමලරත්න කුමාරගම,මීමන ප්‍රමතිලක,ශ්‍රි චන්දර රත්න මානවසිංහ,එචි.එමි කුඩලිගම,උපනන්ද බටුගෙදර,කපිල සෙනවිරත්න,විමලෙන්දර චතුරේගම ආදින්ද වෙ.
                                                                     ඒ අතරින් කොළඹ යුගයේ මුල් පරපුර නිදහස් අරගලය,ජාතික ස්වාධිනතාව,දේශපාලනය,සමාජ සංස්කරුතිය ගැන කවි ගොතන විට 
                      දෙවන යුගයේ කවියො  ප්‍රෙමය යන තේමාව මුල් කොට ගෙන කවි ලියුහ..නමුත් ඔවුන්ගේ කවි අකෘතිය,එනමි විරිත් බොහො දුරට සමාන විය.
            හෙළ හවුලේ කවිය  මිට සාපෙක්ෂව සුවිශේෂි ගමන් මගක් ගත් අතර එහි බස සමනය විවහරයේ යෙදෙන බසට වඩාසංකිර්ණ එකක් විය.එහි පරමුඛ පුරුකක් සේ මුනිදාස කුමරතුංග මහතා සැලකේ. තවද රැයිපියෙල් තෙන්නකොන්,අරිසෙන් අහුබුදු,අලවි ඉසි සැබිහෙල,ආ.දෙ චන්දරසෙකර මෙ ආදි විද්වත්හු සැලකේ.
කොළඹ යුගයේ මුල් පරපුර නියොජනය කල ඇස්.මහින්ද හිමි
_


















_නිදහස වෙනුවෙන් එතුමන් රචනා කල කවි _  

........................................................................................................................ 
                                                                      



     කොළඹ යුගයේ දෙවන පරපුර නියොජනය කල මීමන පරෙමතිලක මහතාගේ දරු දුක කවි පන්තිය
 


 කුමරතුංග මුනිදාස මහතාගේ කවි පංතියක් 
පැහැපත් මගෙ සුමිතුරු මල
වැඩ ඇත්තෙකි ලොවට සකල
වැටෙතත් පරවී හෙට බල
ඔබලත් දිවි වේය සපල

ඉතිරෙයි සුවඳින් මේ දෙස
පැහැදෙයි පැහැයෙන් ඇස ඇස
දුරු වෙයි අද ගිනි මගෙ කුස
සැලසෙයි වැඩ ඔබෙන් මෙලෙස
සර හා ගස ඔබ ඇති කල
විද හා විසිතුරු පත් පෙළ
සනහා ලන අප යදි රළ
ඔබ හා සම කොද ලොව තුළ

කැමැත් තෙන්ම දෙයි පැණි ඔබ
ගනිත් මගෙන් නෙක දුක් ලැබ
එහෙත් කිසිත් නැති ලෙස ලොබ
මහත් දෙඬුම් මගෙයි සුලබ

බොහෝ අයට උප දෙසකට
දො හෝ මෙලොව උපත් ඔබට
සහෝ දරව උපදින්නට
අහෝ මටත් ඇතොත් දැනට

[කුමරතුඟමුනිදාස ශුරින්ගේ  කවි ගී] 

 
................................................................................

ලංකාවෙ අපේ කවිය තුළ දැකිය හැකි වර්තමාන පරපුරේ කවින් බෙහෙවින් ගුරු කොට ගන්නා අකෘතින් දෙකක් පැහැදිලිව දැකිය හැකි අතර එයින් එළිසමය සහ විරිත් යොද ගෙන බිහිවු නුතන කොළඹ කවි නිර්මාණ එකක් සේ සලකා වර්ගිකරණය කොට ඇත්තේ අධයන පහසුව තකාය.නොයසේ නමි එහි .පරහේද ගණනාවක් යටතේ  එය තවදුරටත් වර්ගකල හැකිය
       නුතනයේ බිහි වු කවින් අතර රත්නස්‍රි විජේසිංහ,රඹුක්කන සිද්ධාර්තහිමියන්,ගුනදාස අමරසේකර,
සුනිල් ආරියරත්න,මහගම සේකරපරෙමකිර්තිද අල්විස් වැනි කවිහුසිය අනනයතාවය ගොඩ නගාගෙන ඇත.

රත්නස්‍රි විජෙසිංහ
මහගම සේකර


සුනිල් ආරියරත්න



පරෙමකිරිති ද  අල්විස්
රඹුක්කන සිද්ධාර්ත හිමි    

ගුනදාස අමරසේකර













හෙළ කවියේ බින්දු මාත්‍රයක් ලියන්නට දැරු පරයත්නයකී....


_Ocean of Emotions
_සිතුවිලි සයුර_

Post Comment

2 comments:

සචිත් Says:
September 15, 2012 at 6:38 PM

වටිනා ලිපියක්..........

Unknown Says:
May 1, 2016 at 6:38 AM

ගොඩාක් පිං. මං හොය හොය හිටියෙ

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...