සිතුවිලි සයුරේ නිර්මාණ ගැන ඔබෙ අදහස් දක්වන්න.පැමිනි ඔබට ස්තුතියි...නැවත එන්න →

1 සොරාගත් කවි කොළය...

Thursday, August 30, 2012

Post Comment

2 අවසරද මට....

Monday, August 27, 2012

Post Comment

5 සහාසිකයෙකුගේ මවක්_ We need to talk about kevin

Saturday, August 25, 2012
Lionel Shriver විසින් රචනා කළ,
" We need to talk about Kevin" නවකතාව පාදක කොටගෙන 2011 වසරේ කැන්සාස් චිතරපට උළෙල නියෙජනය කල,
" We need to talk about Kevin" චිතරපටය ගැන සටහනක් තබන්න නිමිත්ත යෙදුනේ  ,

 මැතකදි අසන්නට ලැබුනු

 වැල්වත්තේ තිර්ත්ව ඝාතන සිද්ධියත් සමගයි..

මෙ චිත්‍රපටය සුවිශේෂි වන්නේ කරනා කිහිපයක් මත,
  • කළියුගයේ මවිවරුන්ගේ ජිවන රටාවත් සමග තමන්ගේ දරුවන් කරන කියන දේ ගැන විපරමි කරන්න බොහො මවිවරුන්ට නොහැකි .වෙන්නේ නොදැනුවත්වමයි. දෙමාපිය දුදරු සමිබන්ධතාවය අප නොහිතන ආකරයෙන් දරුවන්ගේ ජිවිත හැඩ ගැහෙන්න බලපනවා.
 මෙ කතාවෙන් කියවෙන්නේ  :-
කළියුගයේ එක් මවි කෙනෙක් සහ ඇගේ දරුවා අතර උත්පත්තියේ සිට පැවතගෙන එන දුරස්ථහාවය අවසානයේ දරුවාගේ සමාජ සමිබන්ධතා දුර්වල කරමින් ඔහු සහසිකයෙකු බවට පත් කරන ආකරයයි,

මෙ දරුවාගේ මව ගවෙශණ රචිකාවක් (Travel writer) වශයෙන් කටයුතු කරන අතර ඇය දරුවකු අපෙක්ෂා නොකල මොහොතක මෙ දරුවා ගේ ආගමනය ඇගේ ජිවන රටාවම වෙනස් විමට හේතුවක් වෙනවා.ඒ හෙතුවම බොහො විට ඇය සහ ඇගේ දරුවා අතර සමිබන්ධතා දුර්වල කිරිමට එයද එක් හේතුවක් වන්නට ඇති ,

චිතරපටය මතුපිටින් බලන්නෙකුට මෙ දරුවා යමි කිසි මානසික රොගියකින් පෙලෙන්නකු යැයි සැක මතුවිය හැකිවුනත් කුඩා කල සිටම මෙ දරුවා තමා වඩාත් දක්ෂ,තික්ෂණ බුද්ධියක් ඇත්තෙකු සේ ද
අන් පුද්ගලයින්ට වඩා තමන් සුවිශේෂි යන උපකල්පනයක සිටින්නෙක් බවද බැලු බැල්මට පෙනෙන්නට තිබෙනවා,  මා දකින ආකරයට එයටද බොහො විට හේතු වන්නට ඇත්තේ කුඩා කල තමන් හරි හැටි තොරා බෙරා ගැනිමට සිය මව අසමත් විමයි.
  •  ආසියාතික මවිවරුන් අතර ළමා මනො විදයාව පිළිබද අවධානයක් හො අවබොධයක් නොතිබුනත් ඔවුන් බටහිර මවිවරුන්ට වඩා මෙ කරනයේදි ඉදිරියෙන් සිටින බව හොරහසක්. නමුත් ගෙලියකරණය,වානිජකරණය වැනි සංකල්ප තුළ බටහිරකරණයකට ඉතා වෙගයෙන් ලක්වන මෙවැනි සමාජයක,විශේෂයෙන් අපරාධ වර්ධනයක් පෙන්ට තිබෙන යුගයක, එවැනි නිර්මාණ වලින්  වුනත් අපට ගත හැකි දේ බොහොයි. 
  •  තවද අප දරුවන්ට කියවන හේ  / කියවන්නට දෙන පොතපතද,
  • ඔවුන් අතට දෙන දැ පිළිබද විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බවත් මෙ හරහා කියවෙනවා.
  •  මවක් ලෙස තම දරුවා සමග නිසි පරිදි සමිබන්ධතා පවත්වා ගැනිමට නොහැකි විම හේතුවෙන් අසරණ වන මවද,
  •   දරුවකු ලෙස තම  මවි තමන් හරි හැටි හදුනා නොගැනිම හෙතුවෙන් අසරණවන වන දරුවාද
 මුහුනදෙන කෙදාන්තය ඔස්සේ  අවසානයේ සිය සැමියා,දරුවන් පවා අහිම කරගන්නා ඇය ලොක අපවාදයට ලක් වන්නේද තම දරුවාගේ සහසික සමුළ ඝාතන කිරිමි හෙතුවෙන්ය.
අවසාන රුප රාමු කිහිපය තුළ සිය දරුවා සිරගෙය තුළ ආදරයෙන් ඇය වැලදගෙන දරුවාට අවශය ආදරය ලබා දිමට උත්සහ කලද ඒ වන විට සියල්ල සිදු වි හමාරය.විශේෂයෙන්ම නිර්මාණකරුවා ඇගේ චරිතය ඉතා සියුමි ලෙස හැසිරුවා ඇති අතර දරුවාගේ වර්ධන අවධින් සමග ඔහුගේ මානසික වයකුල බවද වර්ධනය වන ආකරය මැනවින් සිනමාවට නගා තිබෙනවා.
    
              කලාතුරකින් එක් මවකට අත්විය හැකි අවාසනාවන්ත ඉරණමක් සේ මෙය පෙන්වා දිය හැකි වුවත් සිනමා නිරුපනයක් ලෙස එහි අඛයනය මෙතෙක් පැවති සිනමා රිති වලින් ඔබිබට දිව යන්නකි,මෙවැනි නිර්මාණ සිනමාවෙ සමිපරදායක රාමු අහිබවා ගිය අවස්ථා සේ  දැක්විය හැකි අතර මෙ ලිපිය ලිවිමෙ මුලික අරමුණ මවිපිය දුදරු සබදතාවයේ වැදගත්කම හුවා දැක්විමට මිස එක් පාර්ශවයක් නිර්ධය ලෙස විවෙචනය කිරිටම නොවි. මෙවැනි සහසිකයන් නිර්මාණය විමට  හේතු වන  සාධක අතර පාරිසරික හෙතුන්,මානසික විකර්තිකාරි අවපිඩන තත්ව වලට අමතරව තවත් වැදගත් ප්‍රධාන සාධකයක් සේ   මෙහි කියවෙන ඇතමි කරුනු අඩු වැඩි වශයෙන්  බලපැ  හැකිබව දක්වමි.
  • 'Dark Knight Rises' killer  James Homles සිද්ධිය,    
     
  • වැල්ලවත්තේ තිත්ව ඝාතන සිද්ධියද
 අපට
පෙන්වා දෙන්නේ ද
නවින සමාජ කරමය තුළ 
අවධානමට
                                                       ලක්ව ඇති
 මානව සබදතා බිද වැටිමෙ කෙදවාචකය නොවෙද.............??????????
 _Ocean of Emotions_සිතුවිලි සයුර_






Post Comment

Related Posts Plugin for WordPress, Blogger...