සිතුවිලි සයුරේ නිර්මාණ ගැන ඔබෙ අදහස් දක්වන්න.පැමිනි ඔබට ස්තුතියි...නැවත එන්න →

අවසානයට පෙර ඈ ගියා.....

Thursday, August 23, 2012
මුහුණු පොතේ වෙබි පිටු අතරේ මිතුරු වෙන්න ඉල්ලිමි යවන්නේ දන්න අදුරනකමටම නෙවෙ නේ.ලස්සන පින්තුරයක් දාපු,අපේ යහලුවොත් වැඩියෙන් දන්න අදුරන,විශේෂයෙන් ගැහැණු ළමයින්ට මිතුරු වෙන්න ඉල්ලිමි යැවෙන්නේ අහමිබෙන් වගේ. මෙ කථාව කියවන බොහො දෙනක් කියයි "අනේ අපි නමි එහෙම නැ කියලා"එත් මෙහෙම සිදුවිමි අහන්න ලැබෙන නිසයි මෙ ගැන අකුරු කරන්න හිතුනේ....
           ....................................................................

    උදෙශ් කොළඹ පිලිගත් ආයතනයක රැකියාවක් කරන තරුණයෙක්.උදේ ආහාරේ අරගෙන මුහුණුපොතට යන එක ඔහුටත් නොදැනිම දැන් පුරුද්දකට ගිහින්.ආයතනේ හිටපු කොළඹ පන්නේ ගැණු ළමයි ගැන උදෙශ්ට වැඩි කැමත්තක් තිබුනේ නැ.ඉංගිරිසි පන්නේට හැදුණු කොට සාය ඇදන් උකුලු මුකුලු කරන නංගිලාට මුහුනුපොතේ  ගොනි ගණන් comment වැටුනත් මොන අයියත් හෙවිවෙ තැන්පත් හැදිචිච නංගි කෙනෙක්.ඒ මිමිම කොතරමි නිවරදිද කියන්න මට හැකියාවක් නැති උනත් බොහොවිට එවැනි හැගිමි දැනෙන්න ඇත්තේ මොන දුක් කරදර ආවත් තමුන්ගේ දරු පවුල ගැට ගහපු තමුන්ගේ අමිමාගේ තැන ගන්න බැරි උනත් අඩුගානේ එතැනට කිටිටු වෙන්න පුලුවන් කියලා හරි හිතන කෙනෙක් ගැන හිතේ පුංචි කොනක ගුලි ගැහුණු හින නිසා වෙන්න ඇති.

වෙනදාවගේ මුහුණු පොතට  ගොඩ වැදුනු උදෙශ්ට වැදගත් දෙයක් විදිහට පෙනෙන්නට තිබුනේ  චෙතකි ගජනායක කියලා කෙනෙකු පිලිගත් මිතුරු ඉල්ලිමක් ගැන ලැබුණු ප්‍රතිචාරය පමණයි.එ ඔස්සේ  ගිහින් බලපු උදෙශ්ට චෙතකිගෙ විස්තර ටිකක් පෙනෙන්න තිබුනා."වැඩි ආරලු බුරුලු නැති බොහොම සාමනය ගැහැණු ළමයෙක් පාටයි"උදෙශ්ට එහෙම හිතුනේ ඉබෙම වගේ.උදෙන්ම මුහුණු පොතට ආ ගිය කටිටිය ගැන දැනගන්න එක්ක උදෙශ් chat  එකට ආවා.නොහිතපු විදිහට අර ගැහැණු ළමයත් ඉන්නවා.උදෙශ් වැඩි අමුත්තක් නොදක්වාම කතාවකට මුල පිරුවා.මුලින්ම මුහුණු පොතේ කවුරුත් අහන පොදු ආගිය තොරතුරු කතාබහ වුනා.උදෙශ්ට ලැබුණු පිළිතුරු හැම එක්කම පාහේ ඇගේ විස්තර සමග ගැලපුනා.ඇයත් පෞද්ගලික ආයතනයක පරිඝනක අංශයේ රැකියාවක නියුතු කෙනෙක්.ගම පොල්ගහවෙල.

 වෙලාව 8.30ට විතර ඇති.උදේ වරුවෙ වැඩ ටිකක් වැඩි නිසා උදෙශ් කතාබහ අවසන් කරන්න හදනකොටම,චෙතකිට ඉබෙම දැනිලද කොහෙද මෙහෙම පිළිතුරක් දුන්නා.


"උදේ වරුවෙ මුහුණු පොතට එනවා මං,සති අන්තේ ගමෙ යනවනේ.වැඩ ටිකක් වැඩි දැන්,බුදු සරණයි..! "

චෙතකි සමුගද්දි උදෙශ්ට අකමැත්තකින් තොරව සමු දෙන්නට හැකි වුනා.හිතේ කොනක දිගු කතාබහකට මුල පුරන්න ඒ වචන ටික උදෙශ්ගේ හිතට බලාපොරත්තුවක් ඉතිරි කලා.
  කොළඹ පන්නේ මිතුරො දෙන්නෙක් තුන්දෙනෙක් හිටියට තමුන්ට හිතට දැනෙන දේ කියන්න තරමි හොදම මිතුරෙක් උදෙශ්ට හිටියේ නැ,ඒ නිසාද කොහෙද උදෙශ්ගේ සිතුවිලි චෙති එක්ක හරි හරියට ගැලපුනේ
 මෙ විදිහට දින සති ගෙවි යද්දි චෙති සහ උදෙශ් මුහුණු පොත ගැන,රැකියාව ගැන,ගැහැණු ළමයි ගැන,කොළඹ ජිවිතේ ගැන කතා කලා,හරියට කල්ප කාලයක් තිස්සේ හදුනන යාලුවො දෙන්නෙක් වගේ.
................................................

 ආයතනයෙදි වැඩ එක්කම කාලය ගෙවිලා යන්නේ නොදැනිම වගේ.සති අන්තේ ගමෙ යන නිසා විනාඩියක් හො ඉස්සර වෙන්න ඇත්නමි ....හිතට ලොකු සැනසිමක්,සිකුරාදට මුලු කොටුවම ඒකම කාලගොටිටියක්,ඒ ගැන දැනෙන කොට උදෙශ්ට දිගු සුසුමක් පිට උනේ ඉබෙටම වගේ.බොඩිමෙ අඩුම කුඩුම අස්පස් කරලා 138 බස් එකේ  කොටුවට යන්න උදෙශ් ගොඩ උනේ පුරුද්දට වගේ.හලාවතට ටිකටි එකක් ගත්තු උදෙශ් අමාරුවෙන් ස්ටෙෂමට රිංගුවා.උදෙශ්ගේ චංචල සිත කල්පනාවකට ගෙන ගියේ  එක්තරා නිවෙදනයක්..

" 3වෙනි වෙදිකාව බලා දැන් පැමිනි දුමිරිය  
පොල්ගහවෙල  බලා පිටත් වෙ,දුමිරියකොටුව,
මරදාන,දෙමටගොඩ,ගමිපහා,රඹුක්කන,මිරිගම, 
පොල්ගහවෙල නවත්වනවා ඇත....."

  2 වෙනි වෙදිකාවට එන හලාවත දුමිරියට යන උදෙශ් හැමදාම ගමන් කලේ  3වෙනි වෙදිකාව පහු කරගෙන,ඉතින් 3 වෙනි වෙදිකාවෙ ඉබෙටම නතරවුනු උදෙශ් 


කාවද හොයනවා,චෙතකිවත්ද...??හිතාගන්නත් බැ,උදෙශ්ට මෙ මමද කියලා,පුංචි කතාබහක් ඇයි මෙතරමි හිතට අරගෙන ඇයි මං වද වෙන්නේ,චෙතකි මෙ කොචිචියේ ගියා කියලා....නැ,නැ...

අකිකරු හිතත් වත්තමි කරගෙන 2වෙනි වෙදිකාවට ආව උදෙශ් හරියට පිල්ල උඩ දුවන කොචිචිය වගේ චෙති ගේ සිහින දිගේ ඔහේ ඇවිද යනවා නිරායසයෙන්ම වගේ

 ........................................................

 සති අන්ත නිවාඩුව ඔහොම අවසන් වෙනකොට නිවාඩුවට ගමෙ ඉදන් කොළඹ ආපු උදෙශ් තමුන්ටම නියොගයක් පනවනවා,ඒ කෙසේ හො මෙ සතිය තුළ චෙතී හමුවෙන බවට,
කොළඹ  රටෙ හැමදෙටම ඉස්සර වෙන්න ඔනා,ආදරෙදිත් එහෙමයි,අද මං එක්ක කුලුපගු වෙන චෙතී හෙට වෙන කාටවත් ළං වුනොත්.....?? චෙතී මගෙයි 

උදෙශ් චෙතීට ආදරේ කරන වග තවදුරටත් උදෙශ්ට රහසක් නෙවෙ
හිතට පුංචි බයකුත් එක්ක මිශර වුනු අධිශ්ඨානයක් ආවා.ඒ චෙතී මගෙ කරගන්නා බවට

"ඉතින් චෙතී ඔයා මට කැමතිද,
කැමති නැද්ද මාව මුණගැහෙන්න..........???"

 වෙනදා හරි හරියට උත්තර දෙන චෙතී එක පාරටම නිරුත්තර උනා,
මං වැරදි දෙයක්වත් ඇහුවාද...??අද නැත්නමි හෙට මෙ ගැන අහන්නම එපැ,

උදෙශ් තමන්ටම උත්තර බදින්න පටන් ගත්තා,ටික වෙලාවක් නිරුත්තර වුනු චෙතී මගේ පෙරැත්තටම එකග වුනා.එත් චෙතීගේ කතා බහේ  ලොකු වෙනසක් ඇතිබව උදෙශ්ට වැටහුනා,
නමුත් උදෙශ්  මෙහෙම හිතුවා

"චෙතී භය ඇති මං චෙතිට අකමැතිවෙයි කියලා,මුහුණුපොතේ රුපේ තරමි කල එලියක් හැබැ රුපෙ නොදකි කියලා,අනේ පිස්සු කෙල්ල රුපෙට නෙමෙන් මං ආදරේ කලේ "
උදෙශ් තමන්ටම මිමිණුවා.
 ...........................................................
 දිනෙන් දින ගෙවිලා ගිහින් ඇගිලි ගැන්න දිනය උදා වුනා.Office එකේ යාලුවන්ටත් උදෙශ්ගේ  අලුත් වෙනස තේරිලාද කොහෙද,

"උඹ නං අද ලොකු සතුටකින් ,මකො උඹට Promotion එකක්වත් නැත්නමි කෙල්ලෙක්වත් සෙටි උනාද...??"

දෙතුන් දෙනෙක්ම උදෙශ්ට එහෙම කියද්දි උදෙශ් හිනාවෙලා ඔරලොසුවෙ 5 වදිනකමි බලාගෙන උන්නා.
ලොකු සතුටකුත් හිතේ තදකරන් 138 බස් එකට ගොඩ උනු උදෙශ් තමන් චෙතිට ගත්තු තැග්ගත් බලලා කියන්න තියෙන දාහකුත් දෙවල් මතක් කරමින් චෙතිගෙන්  අද උදේ  උදෙශ් ඉල්ලගත්තු  දුරකථන අංකයට ඇමතුමක් දුන්නා.ටික වෙලාවක් නාද වුනු දුරකථන ඇමතුමට  ප්‍රතිචාරයක්,


"හලො චෙති,මම උදෙශ්.....චෙති මම මෙ කොටුවට එන ගමන්"
උදෙශ් මොහොතක් නිහඩ වුනා


"උදෙශ් අපි මෙ කොටුවට ඇවිත් ඉන්නේ, 3 වෙනි වෙදිකාවෙ පත්තර කඩෙ ළග,ඔවි,ඔවි ඉට ඉස්සරහා ඉන්නේ..."දුරකථනය ඒ එක්කම විසන්ධි වුනා..

  දහසකුත් සිතුවිලි ගුලි කරගෙන කොටුව ස්ටෙෂමට ආපු උදෙශ් හනි හනිකට හලාවතට ටිකටි පතකුත් අරගෙන 3වෙනි වෙදිකාවෙ කඩෙ ඉස්සරහට දිවිවෙ පුදුම ප්‍රබොධයකින්,සිහින කුමාරිව හා හා පුරා කියලා හැබහින් දකින මුල්ම දවස,
චෙති මම උදෙශ්......උදෙශ් රත්නායක.....
චෙතිගේ ඇස් අදුරගත්ත උදෙශ් කථාවට මුල පිරුවා..
   චෙති පැමිණ සිටියේ  ඇගේ මිතුරියක් සමග නමුත් උදෙශ්ගේ ඇස් තිබුනේ චෙති ළග.මුහුණු පොතේ දුටු චෙති සහ  සහ උදෙශ්  දුටු චෙතිගේ  කිසිදු වෙනසක් දක්නට තිබුනේ නැ .එය උදශ්ගේ සිතට ඇතිකලේ මහත් අස්වැසිලක් වුනත් චෙතිගේ මුහුනේ කියගන්නට බැරි තරමි දුකක් සටහන් වෙලා  ඇතිබව  දුටු උදෙශ්ගේ සිතේ  , පරශ්න දහසක් උපදින්නට වුනා


"චෙති ඇයි ඔයා කතා කරන් නැත්තේ,කතා කරන්නකො ළමයො..."


දැඩි නිහඩතාවය බිදිමින්,අමාලි උත්තර බදින්නට වුනා

"මම අමාලි,
චෙතිගේ හොදම යාලුවා,
චෙති මට දෙතුන් වතාවක්ම උදෙශ් ගැන කියන්න උත්සහ කලා
,උදෙශ් චෙති ගැන මොනා  හිතයිද කියන්න මම දන් නැ,

එත් චෙති ගොලුයි,

උදෙශ් චෙතිගෙන් මෙ ගැන අහලා නැ නේද...?
චෙතිටත් ඒ ගැන කියන්න හිතිලා නැ,උදෙශ් කතා නොකර ඉදි කියලා

චෙති උදෙශ්ට කැමතියි,

ඉතිරි ටික චෙතිටයි,උදෙශ්ටයි බාරයි..."
චෙති එකම එක වරක් උදෙශ් දිහා බැලුවෙ වාන් දැමු ගගක් වගේ කදුලු කැට ගොඩක් මුහුනේ පුරොගෙන,කර කියා ගන්න දෙයක් නැතිව ගොලු වුනේ චෙති නෙව උදෙශ්,අත තිබුනු තැග්ග චෙති අතට දුන්නත් වචන දෙක තුනක් වත් ගලප ගන්නට උදෙශ්ට බැරි වුනා,
ඒ ආදරේ අන්ධ බව අසා තිබුනට ගොලුයි කියන වග උදෙශ් දැනගත්තේ එදා නිසා වෙන්න ඇති.
උදෙශ්ගේ සිතුවිලි තෙරුමි ගත්ත අමාලි, චෙතිවත්  වත්තමි කරගෙන දුමිරියට ගොඩ වුනේ වචනයක් වත් නොකියාමයි.............



ඒ ඇදි ගියේ ජිවිතේද, ආදරේද කියන්න  

උදෙශ්ට අදටත් වැඩි තෙරුමක් නැ
ප්‍රෙමයක ඇරඹුද....???
කදුලක නිමාවද......??
                         ප්‍රශ්නයක්........????





_Ocean of Emotions_සිතුවිලි සයුර_

Post Comment

17 comments:

එස්. ඒ. Says:
August 23, 2012 at 1:46 AM

කප්පරක් ආදර කතා අතරෙ, තවත් එක් ආදර කතාවක්!!

Ocean of Emotions - සිතුවිලි සයුර Says:
August 23, 2012 at 2:04 AM

ඒ ඇදිගියේ ජිවිත සැමරුමක් වෙන්න ඇති,අපේ ආදර කතාව තවත් ආදර කතා කප්පරක් මැද්දේ තවත් එක ආදර කතාවක් විතරමයි,ඇත්ත...

Red Riding Hood Says:
August 23, 2012 at 5:25 AM

ඒත් ඇත්තම ආදරේට ඒ ගොළු බව ඇත්තටම ප්‍රශ්නයක්ද?? මන් බැලුව කෙටි චිත්‍රපටයකත් ඔහොම කතාවක් තිබුනා.. ඒ බොයි අන්තිමට ගොළු භාශාව ඉගෙන ගන්නවා..

Ocean of Emotions - සිතුවිලි සයුර Says:
August 23, 2012 at 6:05 AM

අහස්මාලිගා බිද වැටෙන්න යන්නේ තප්පරයක්ටත් වඩා අඩු කාලයක්,චිත්‍රපටි වල ජිවිතේ ප්‍රශ්න වලට දෙන විසදුමි කොයිතරමි ප්‍රයොගිකද කියන දෙත් ගැටලුවක්,ඔය කියන චිතරපටය මම බලලා නැති වුනත් මං දන්න මිනිස්සු නමි හරිම සංකිර්ණයි,ආදරෙ කියන දේ මගේ කරගන්න සිතුවිල්ලක් නමි ටික දවසක් විදවලා කදුලකින් නිමාවෙවි,ඇත්තටම අදාරණිය සිතක් නමි ප්‍රමයකම ඇරඹුමක් වෙවි...!!
චිතරපට වල පෙන්වන තරමි ආදරේ සුන්දර නමි..........

Red Riding Hood Says:
August 23, 2012 at 7:03 AM

ඔව් ඔයා කියන එක ඇත්ත.. ඒත් සමහරු ඉන්නවා ඇත්ත ආදරේ වෙනුවෙන් ඔය වගේ දේවල් ප්‍රශ්න කරගන්නේ නැති..අනේ මන්ද..

Ocean of Emotions - සිතුවිලි සයුර Says:
August 23, 2012 at 7:11 AM

ඇත්ත..!!

ශශී Says:
August 23, 2012 at 10:24 AM

රෙඩ් රයිඩින් හුඩ් දකින විදිහට තමා මාත් දකින්නෙ .

එස්. ඒ. Says:
August 23, 2012 at 9:29 PM

ඔබේ කොමෙන්ට් වල අදහස සමඟ එකඟයි!

(මමත් ඒක බැලුවා... මට මතක විදියට නම් ඒක ඩීටීවී එකේ, "වෝට්ස්" කෙටි චිත්‍රපටයක්.)

Ocean of Emotions - සිතුවිලි සයුර Says:
August 23, 2012 at 11:55 PM

තමුන්ගේ ස්වතන්තු නිර්මාණයක අදහසක් මිට පෙර චිතරපටයකට පාදක වෙලා තිබෙනවායි කි පමනින් ඔහු හො ඇය සොරෙක් වෙනවාද.....? මම අහලා තියෙන විදිහට ඉතිහාසය නැවත නැවත අලුත් වෙනවා,මෙ ලොකේ අලුතින් සිදුවෙනවයි කියන බොහො දේ පවා...ලොකය ගොඩක් පරන තැනක්, කොහේ හො සිදුවන අතීත සිදුවිමිම තමා තවත් තැනක
අලුත් වෙන්නේ , වෙනස තියෙන්නේ නමි,ගමි වල,සිදුවන තැන්වල,අනිත් අය කියන හොද දෙවල් මිට පෙර කොහේ හරි වෙලා තියෙනවා,කියවලා තියෙනවා,දැකලා තියෙනවා කියලා හිතෙන්නේ ඒ නිසා වෙන්න ඇති,ගොඩක් නිර්මාණකරුවන්ට එන විවෙචනයක් ඔක..හැමොම ම්ං දකින විදිහට දකින්න ඔනා කියලා පටු විදිහට හිතන කෙනෙක් නෙමෙ මම,එහෙනමි ලොකේ කිසිම විවිධත්වයක් නැනේ, ඔබෙ අදහස් වලට ගරු කරනවා

සාතන් Says:
August 24, 2012 at 5:56 AM

ඉස්කෝලෙ යන කාලෙ ඔහොම එකක් වුනා අපිට වඩා වැඩිමල් දෙන්නෙක්ට... ඒ හිටපු අයිය ගොළුයි... ඒත් දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් ඉස්සරහට අඩියක් තියන්න හයියක් තිබුනෙ නෑ මට ඒ කාලෙ තේරුන විදිහට... ;)

තව ටිකක් ටයිප් කරල මකල දැම්ම... ඒ ටික ඕන නෑ... :)

Ocean of Emotions - සිතුවිලි සයුර Says:
August 24, 2012 at 6:09 AM

හ්මිමි...ස්තුතියි අදහස් දැකුවට,ලස්සනට ලියන්න සුහ පතනවා..!!

කාව්‍යා Says:
August 24, 2012 at 6:18 AM

මේ දැන් සාතන් පබ්ලිෂ් කරපු ලින්කෙක දිගේ මේ පැත්තට ආවේ, මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ,මේ වගේ කතා අපි නවකතා වල ෆිල්ම් වල කියවනවා දකිනවා තමා ඒ ගොඩක් ඒවා සිනහවකින් අවසාන වෙනවත් තමා. ඒත් සැබෑ ලෝකෙදී මේ වගේ දෙවල් වලට ඒ වගේ පරිත්‍යාග කරන අය හරි විරලයි.

හිතුවක්කාරි Says:
August 24, 2012 at 7:58 AM

සාතන් අයියාගෙ ලින්කුවෙන් ආවෙ.. අනේ ඒක හරිම දුකයි!!! :( ආදරේට වෙන කිසිම දෙයක් බාධාවක් නෙවෙයි කිව්වට... අයියෝ...

Ocean of Emotions - සිතුවිලි සයුර Says:
August 24, 2012 at 8:04 AM

එකතමයි මෙ කතාවෙ අවසානයක් ලියන්න මට හිත දුන් නැත්තේ...
සැබෑ ලෝකෙදී මේ වගේ දෙවල් වලට ඒ වගේ පරිත්‍යාග කරන අය හරි විරලයි.
ස්තුතියි අදහස් දැකුවට,ඔයාටත් ලස්සනට ලියන්න සුහ පතනවා..!!

Ocean of Emotions - සිතුවිලි සයුර Says:
August 24, 2012 at 8:11 AM

ඔවි හිතුවක්කාරි, ආදරෙ කරන ගොඩ දෙනෙක් මං ඔයාගේ රුපේට,හඩට,කතාවට නෙමෙ ඔයාගේ අංහිසක හිතටයි ආදරේ කරන්නේ කිවට හදවතින්ම එහෙම කියන අය විරලයි,මෙ කතාවට ගැහැණු පිරිමි හේදයක් නැ
ඔයාටත් ලස්සනට ලියන්න සුහ පතනවා..!!

Sunimal Says:
September 15, 2012 at 9:21 PM

චිතරපට වල පෙන්වන තරමි ආදරේ සුන්දර නමි.....

Sunimal Says:
September 15, 2012 at 9:29 PM

සැබෑ ලෝකෙදීත්, චිතරපට වල පෙන්වන තරමි සුන්දර ආදර කතා තියනව.

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...