සිතුවිලි සයුරේ නිර්මාණ ගැන ඔබෙ අදහස් දක්වන්න.පැමිනි ඔබට ස්තුතියි...නැවත එන්න →

රුදුරු හංසිය_Black Swan...

Wednesday, August 15, 2012

තුරුණු හංසිය _තටු සලන්නට
දෙපා තුඩගින් _රැගුමි රගමින්
පුංචි පැතුමක්_ සිතෙහි රන්දා
වෙහෙස දැරුවා_සිහින මැවිවා
හංස රැජිනක්_වෙන්න සැමදා
දෙපා තුඩු ඇගේ_රිදුමි දුන්නා
නො_නැවති ඇය_රැගුමි රැගුවා

අදුරු සෙවනැලි_ඇය වසාගෙන
ඇගේ සුභ_සිහිනයම බින්දා
මග කියා දුන්_ඇගේ ගුරුතරු
ඇගෙන් අනියමි _පෙ_මක් පැතුවා
 සිහින දැවුනා_සිතද රිදුනා
අලු මතින්_ඇ යලි උපන්නා
නමුත් ඇ පෙර_ලෙස නොවන්නා
රැදුරු ගති _ඇ වෙලාගත්තා
දැවුනු සිහිනේ_අනග රැගුමෙ
සුසුදු හංසිය_ලෙ_සද රැගුවා
 රගන විල්තෙර_නිමෙශයකින්
රුදුරු ගති_ඇ වෙලාගත්තා
සුසුදු හංසිය_පණ ගසද්දි
රැදුරැ හංසිය_සැණින් නැගුනා
ඇගේ සිහිනය_ඵල දරන්නට ඇ
ඇගේ_ජිවිතය පිදුවා
වා තළේ ඇගේ_සුසුමි පාවි
ගවි ගණන් දුර ඇත ඇදුනා........

(Black Swan_ සිනමා සිත්තමෙ හංස රැජිනිය ඇයයි..සැබවින්ම වසර ගණනක් පුරා වෙහෙස දරා අවසානයෙ සිය සිහිනය අභියස තමකම නසා ගත්තේ ඇයයි_තම සිහිනය උදෙසා ජිවිතය දුන්නේ ඇයයි_ඇය සුසුදු හංසිය සෙම_ රුදුරු හංසියයි...)

_Ocean of Emotions_සිතුවිලි සයුර_


Post Comment

2 comments:

Red Riding Hood Says:
August 23, 2012 at 5:29 AM

wow...nice poem.. this movie is one of my favourite.. that is really awesome and different.. Natalie Portmen is doing a great job...
cheers...!!

Ocean of Emotions - සිතුවිලි සයුර Says:
August 23, 2012 at 7:01 AM

Darren Aronofsky has created a masterpiece with this dark fairy tale of lost innocence,great movie..
cheers..!!

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...